මෑතකදී ලෝ ප්‍රකට Toshiba සහ Intel යන සමාගම් දෙක එකමුතුවී අලුත්ම කාර්යයක් කර ඇත.ඒ යටතේ ඔවුන් ජපානයේ පාසල් දරැවන්ගේ අධ්‍යාපනය ඉහල නංවාලීමේ අරමුනින් CM 1 නම් වූ නවතම වර්ගයේ Tablet පරිගණකයක් හඳුන්වාදී ඇත.මෙය එරට අභ්‍යන්තර සම්බන්ධතා සහ සන්නිවේදන අමාත්‍යාංශයේ අදහසකට අනුව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි.ඒ අනුව මෙය බොහෝ ජපන් පාසල් වලට හඳුන්වාදී ඇත.මේ වන විට මෙම පරිගණකය බොහෝ රටවල් වල ජනප්‍රියව ඇත.
Intel 1.66GHz Atom N450 ප්‍රොසෙසරයකින් ජවගැන්වුණු CM 1 Tablet පරිගණකයේ හාර්ඩ් ඩිස්කය ගිගා බයිට් 160 ක
ධාරිතාවයකින් යුතු වන අතර මෙහි මතක ප්‍රමාණය ගිගා බයිට් 2 කි.එනම් CM 1 හි ඇති අඟල් 10 ක ස්පර්ශ සංවේදී Display එක 1366×768 මට්ටමේ Resolution අගයකින් සමන්විතවේ.Display එක ඉතා පහසුවෙන් අවශ්‍ය අතට කැරකැවිය හැකි වීමද අධ්‍යාපනික කාර්යයන් වලදී දරැවන්ට වඩාත් ප්‍රයෝජනවත් බව නිෂ්පාදකයින්ගේ අදහසයි.Windows 07 32-bit Professional Edition මෙහි භාවිතා වන මෙහෙයුම් පද්ධතියවේ.෴
තාම ඕ එස් එකක් එක්ක ටැබ්ලට් ඇවිත් නැහැ නේද .......
ReplyDelete@පන්සල් හංදිය ඕ එස් එකක් එක්ක ටැබ්ලට් ඇවිල්ල තියනවා Microsoft ලගේ. http://en.wikipedia.org/wiki/Microsoft_Tablet_PC
ReplyDeleteඔතනින් බලන්න.