Pages

Showing posts with label පරිගණක. Show all posts
Showing posts with label පරිගණක. Show all posts

Wednesday, September 7, 2011

Worms කියන්නේ මොනවද?

Worms ද සුවිශේෂී වෛරස් වර්ගයක් සේ සැලකේ. නැවත ඉබේ ප්‍රතිනිර්මාණය වීමේ හැකියාව සහ මතකය තිබුනද මේවට වෙනත් Program වලට Attach වීමට නොහැකිය.මේවා නැවත ප්‍රතිනිර්මාණය වෙමින් ජාල ඔස්සේ ලිස්සා යයි . ඒ අතර යන්ත්‍ර තුලද ප්‍රතිනිර්මාණය වේ. යන්ත්‍රයේ මතකයෙන් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගනිමින් එහි වේගය අඩාල කරයි. එහෙත් Worms වලට File වර්ග වෙනස් කිරීමට හෝ මක දැමීමට නොහැකිය. නිර්මාණය පැත්තෙන් සැලකුවිට එය වෛරස් වලට බොහෝ සෙයින් සමානය. වෛරස් වල අනු කණ්ඩයක් ලෙසද සැලකේ. වෛරස් වලට වඩා වෙනස් වන එක විශේෂ කරුණක් වන්නේ පුද්ගලයෙකුගේ මැදිහත් වීමකින් තොරව පරිගණකයෙන් පරිගණකයට නිදැල්ලේ ගමන් කිරීමේ හැකියාවය. ඔබගේ පරිගණකය තුල File හෝ තොරතුරු තැනින් තැනට ගමන් කිරීමේදී උපයෝගී කරගන්නා ලක්ෂණ වල වාසිය උපයෝගී කරගන්නා

Tuesday, September 6, 2011

Trojan Horse වෛරසයේ පැටිකිරිය

සුප්‍රසිද්ධ රෝම ඉතිහාස කතාවේ සඳහන් ට්‍රෝජන් අශ්වයා ඉතාම ආකර්ශනීය බොහෝ ප්‍රයෝජනවත් වියහැකි නිර්මාණයක් ලෙස පෙනෙන්නට තිබුණි.එහෙත් එහි බඳ තුල සතුරු හමුදාවේ අතිදක්ෂ සෙනවියෝ දහසක් ආයුද සන්නද්ධව සැඟවී සිටියහ. Trojan Horse Virus එකක්ද බැලූ බැල්මට බොහෝසෙයින් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙසපෙනේ. එහෙත් එය පරිගණකයේ ස්ථාපනය කල විට හෝ ක්‍රියාත්මක කලවිට විනාශයක් සිදුවේ නිත්‍යානුකුල ආයතනයකින් නිකුත්කළ නිත්‍යානුකුල මෘදුකාංගයක් සේ මතුපිටින් පෙනෙන නිසා ලබන්න මුලාවට පත් වී Trojan Horse වෛරසයක් ක්‍රියාත්මක කිරීමට හෝ ස්ථාපනය කිරීමට පෙළඹේ.ස්වයං ප්‍රති නිර්මාණය නොකලද , නොමිලේ ලබාදෙන Screensaver , ආකර්ශනීය ක්‍රීඩා ලෙස පෙනීසිටින Trojan Horse වෛරසය පරිගනකයල ඇතුළුවූ පසු එහිතිබෙන තොරතුරු ග්‍රහණය

Saturday, June 18, 2011

පරිගණක වෛරස

පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි. වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය

Tuesday, June 7, 2011

මොනවද මේ Cookies


ඔබත් නිතර අන්තර්ජාලෙ  සැරිසරන කෙනෙක් නම් කුකීස් (cookies) ගැන අහල නැති වෙන්න බෑ. එක එක සයිට් වලට යනකොට ඒවා අපේ කම්පියුටර්වල කුකීස් හදනව. ගොඩක්  වෙලාවට මේව හදන්නෙ ඒ සයිට් එකට අපේ user preferences මතක තියාගන්න.මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි බ්‍රව්සර් එකේ වෙබ් ලිපිනයක් ගැහුවම ඒ වෙබ් පිටුව තියෙන වෙබ් සර්වර් එකට සම්බන්ධ වෙනවා. එතකොට සර්වර් එක බලනවා අපේ මැෂින් එකේ එයා කලින් හදපු කුකීස් තියෙනවද කියලා. තියෙනව නම් ඒව කියවල අපි ගැන ඒකෙ ලියවිල තියෙන දේ හොයාගන්නව. එතකොට සර්වර් එකට

Windows 7 වල Run කරීමට නොහැකි Softwares Windows 7 වල Run කරන Virtual PC


මම අද ලියන්න හිතුවෙ මට තිබ්බ ප්‍රශ්නයක් ගැන.මම හිතන්නෙ ඒක ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් වෙන්න ඇති.හැබැයි සමහර අය මේ ගැන දන්නවත් ඇති.මොකද මගේ මේ ප්‍රශ්නෙට පිළිතුර ඇවිල්ල දැන් ටිකක් කල්.කමක් නෑ මම මේ ඒ ගැන දන්නෙ නැති අයටයි මේ කියන්නෙ.මම ඉස්සර පාවිච්චි කළේ Windows XP ඒත් දැන් ටික කාලෙකට ඉස්සෙල්ල මම Windows 7 වලට මාරෑ වුනා.එතකොට මට ආපු ගැටලුව තමයි සමහර Software Windows 7 වල වැඩකරන්නෙනැති එක.ඉතින් ඒකට විසඳුමක් හොයන්න මම ගෙඩාක් මහන්සි වුනා.
ඉතින් ඔහොම හායල හොයල අන්තිමේදි මට විසඳුමක් හම්බවුනා.එක තමයි Windows XP Mode කියන Software එක.ඒකට Virtual PC කියලත් කියනවා.ඒකෙන් වෙන්නෙ Windows 7 Operating System  එක ඇතුලේ Windows XP Operating

පරිගණකයේ ඉතිහාසය

පරිගණකයක් යනු දෙනලද දත්තයන් දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි.ජැකාර්ඩ් රෙදි වියනය (Jacquard loom) මුල්ම ක්‍රමලේඛ කළ හැකි උපකරණ අතරින් එකකි.පළමු පරිගණක ලෙස එක් උපකරණයක් නම් කිරීම අපහසුය. මන්දයත් ‘පරිගණකය’ යන වදන කාලාන්තරයක් තිස්සේ විවිධ අර්ථ කථනවලට හේතු පාදක වී ඇත. මුලින්ම පරිගණකය ලෙස හැඳින්වූ යේ ගණිතමය ගණනය කිරීම සිදු කළ පුද්ගලයන්ය. (මිනිස් පරිගණක – යාන්ත්‍රික ගණක උපකරණවල උදව් ඇතිව)නූතන පරිගණකයේ ඉතිහාසය ආරම්භ වන්නේ එකිනෙකින් වෙන්වූ තාක්ෂණික ක්‍රම දෙකකිනි – ස්වයංක්‍රීය ගණනය කිරීම හා ක්‍රමලේඛනයේ හැකියාව.
මුල් කාලීන යාන්ත්‍රික ගණන උපකරණවලට උදාහරණ ලෙස