
මුල් කාලීන යාන්ත්‍රික ගණන උපකරණවලට උදාහරණ ලෙස
ඇබකසය , සර්පණ රූල, තාර්කික තරු මාලිමාව හා ඇන්ටි කයිතේර (Antikythera) යාන්ත්‍රණය (150- 100 BC කාලයේ) දැක්විය හැකිය. මධ්‍යම යුගවල අවසානයේදී යුරෝපීය ගණිතයේ හා ඉංජිනේරු ශිල්පයේ යළි පිබිදීමක් ඇතිවිය. විල්හෙල්ම් ශිකර්ඩ්ගේ (Wilhelm Schikard) 1623 උපකරණය යුරෝපීය ඉංජිනේරුවන් විසින් නිපද වූ ප්‍රථම යාන්ත්‍රික ගණන යන්ත්‍රය විය. නමුත් මෙම උපකරණ කිසිවක් පරිගණකයේ
නූතන අර්ථ දැක්වීමට නොගැළපේ. මන්ද යත් මේවා ක්‍රමලේඛගත කිරීමට නොහැකි බැවිනි.
ඇබකසය , සර්පණ රූල, තාර්කික තරු මාලිමාව හා ඇන්ටි කයිතේර (Antikythera) යාන්ත්‍රණය (150- 100 BC කාලයේ) දැක්විය හැකිය. මධ්‍යම යුගවල අවසානයේදී යුරෝපීය ගණිතයේ හා ඉංජිනේරු ශිල්පයේ යළි පිබිදීමක් ඇතිවිය. විල්හෙල්ම් ශිකර්ඩ්ගේ (Wilhelm Schikard) 1623 උපකරණය යුරෝපීය ඉංජිනේරුවන් විසින් නිපද වූ ප්‍රථම යාන්ත්‍රික ගණන යන්ත්‍රය විය. නමුත් මෙම උපකරණ කිසිවක් පරිගණකයේ
නූතන අර්ථ දැක්වීමට නොගැළපේ. මන්ද යත් මේවා ක්‍රමලේඛගත කිරීමට නොහැකි බැවිනි.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීරයා (Hero of Alexandriya) (c.10 – 70AD) යාන්ත්‍රික රංග ශාලාවක් තැනූ අතර එහි මිනිත්තු 10ක නාට්‍යයක් ප්‍රදර්ශනය කරන ලදී. එය ක්‍රියාත්මක වූයේ කඹ හා බෙරවලින් යුක්ත වූ සංකීර්ණ පද්ධතියකිනි. යාන්ත්‍රණය කුමන කොටස කුමන වේලාවකදී කුමන ක්‍රියාව සිදුකරයි ද යන්න එමගින් තීරණය විය. මෙය ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ මූලාරම්භය වේ. 1801 දි ජෝසප් මේරි ජෙකාර්ඩ් (Joseph Marie jacquard) ඔහුගේ රෙදි පිළි වියනය වැඩි දියුණු කරන ලදී. එහි සංකීර්ණ රටා ස්වයංක්‍රීයව විවීම සඳහා සිදුරු සහිත කඩදාසි පත්‍රිකා භාවිතා කළ අතර මෙය පරිගණකවල දියුණුවේ වැදගත් පියවරක් වේ. මන්ද යත් වියන රටා නිර්ණය කිරීමට සිදුරු සහිත කාඩ්පත් භාවිතය මුල් කාලීන එහෙත් සීමා සහිත ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ ස්වරූපයකි.
ස්වයංක්‍රීය ගණනයේ හා ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ එකතුවීමේ ප්‍රථම පරිගණකය නිර්මාණයට හේතු විය. 1837 දී පූර්ණ ලෙස ක්‍රමලේඛගත කළ හැකි යාන්ත්‍රික පරිගණකයක් සංකල්පනය කිරීමේ හා සැලසුම් කිරීමේ පළමු වැනියා වීමට චාල්ස් බැබේජ්ට (Charles Babbage) හැකිවිය. ඔහු එය විශ්ලේෂණික එන්ජිම (Analytical Engine) ලෙස හැඳින්විය. සීමාසහිත මූල්‍යමය වත්කම් නිසාත් , නිර්මාණය අළුත්වැඩියා කිරීම් වළක්වා ගැනීමට නොහැකි නිසාත් බැබේජ් ඇත්ත වශයෙන්ම කිසිමදාක ඔහුගේ විශේලේෂණික එන්ජිම නිර්මාණය නොකරන ලදී.
1890 දී පැවැත්වූ එක්සත් ජනපද සංගණනයේ දී හර්මන් හොලේරිත් (Herman Hollerith) සැලසුම් කරන ලද පරිගණනය කිරීමේ ලැයිස්තුගත කිරීමේ හා ලේඛන ගත කිරිමේ සමාගම මගින් නිෂ්පාදනය කරන ලද විශාල පරිමාණ ස්වයංක්‍රීය සිදුරුපත් දත්ත සැකසුම් යන්ත්‍ර භාවිතා කරන ලදී. පසුව IBM බවට පත්වූයේ මෙයයි. 19 වන සියවස අවසානයේදි ප්‍රායෝගික පරිගණක යථාර්තයක් කර ගැනීමට අවශ්‍ය බවට පසුව ඔප්පු වූ තාක්ෂණ ක්‍රම ගණනාවක් මතුවීමට පටන් ගැණුනි. සිදුරු පත් , බූලියන් වීජ ගණිතය , රික්ත නළය හා ටෙලි මුද්‍රකය ( Tele Printer) ඒ අතර වේ.
20 වන සියවස මුල් භාගයේදී බොහොමයක් විද්‍යාත්මක පරිගණක අවශ්‍යතා සපුරා ගත්තේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ප්‍රතිසම පරිගණක (Analog Computers) මගින් වූ අතර ගණනය කිරීම් මත පදනම් වූ යාන්ත්‍රික හෝ විද්‍යුත් මොඩල භාවිතා විය. කෙසේ වුවත් මේවා ක්‍රමලේඛ කළ නොහැකි අතර නවතම ඩිජිටල් පරිගණක මෙන් නොව නිපුණත්වයෙන් හා නිරවද්‍යතාවයෙන් අඩු විය.
හොඳයි ....
ReplyDeleteස්තුතී comment එකට
ReplyDelete