Pages

Monday, August 15, 2011

අනාගත පරිගණක ලොව වෙනස්කරන අලුත්ම Intel ප්‍රොසෙසරය Sandy Bridge

පරිගණකයක සිදුවන සියලුම අභන්තර ක්‍රියාවලීන් පාලනය කරනු ලබන්නේ ප්‍රොසෙසරය මගිනි.ලෝකයේ ප්‍රොසෙසර් නිෂ්පාදනයේ දී  අංක එකේ සමාගමක් වන Intel සමගම විවිධ මිල ගණන් යටතේ හා විවිධ කාර්යක්ෂමතාවයෙන් යුත් ප්‍රොසෙසර් මාලදීන් ගණනාවක් වෙළඳපොළට හඳුන්වාදීමට සමත්ව ඇත. ප්‍රොසෙසර් වලට අමතරව Laptop හා Desktop පරිගණක මාලදි කිහිපයක්ම මෙම සමගම විසින් මේ වන විට හඳුන්වා දී ඇත. Intel සමාගමේ නවතම ව්‍යාපෘතිය Sandy Bridge ලෙස නම් කර ඇත. මේ යටතේ X58 Platform එක අනුගමනය කරමින් නවතම ප්‍රොසෙසරයක් Intel සමගම විසින් හඳුන්වා දෙන්නට යෙදිනි. මෙය Core i7 ප්‍රොසෙසරය සඳහා යොදාගත් තාක්ෂණයම යොදාගෙන එය තව දුරටත්
වැඩි දියුණු කර සාදන ලද ප්‍රොසෙසරයකි. මෙම නව ප්‍රොසෙසරය Sandy Bridge ප්‍රොසෙසරය ලෙස ලෙස හැඳින්වේ. මෙයට පෙර ඔව්න් විසින් හඳුන්වාදුන් ප්‍රොසෙසර් සියල්ලටම වඩා වැඩි කාර්යක්ෂමතාවයක් සහ අඩු විදුලිබලයකින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් මෙයට තිබෙයි.
Sandy Bridge ප්‍රොසෙසරය නනොමීටර 32 තාක්ෂනය යටතේ නිපදවන ලද ප්‍රොසෙසරයකි. මෙය Dual -Core Pentium හා Core i3, Core i5, Core i7 යන මාලදි කිහිපයෙන් ලබාගත හැක.                                                                                                                                                                                                                        


මෙම නව ප්‍රොසෙසරයේ ඇති විශේෂත්වය වන්නේ මෙහි ප්‍රොසෙසර් චිපය තුලම අඩංගු වන සේ වෙනම ම Graphic චිපයක්ද අන්තර්ගත වීමයි. මේ නිසා පරිගණකය සතු Graphic හැකියාව විශාල ලෙස ඉහල යන අතර High Definition Video හා Image Processing ආදී කටයුතු වලදී අධිකාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු කල හැකිය. Intel Quick Sync Video ,HD Graphics යන නවීන තාක්ෂණයන්ට සහය දක්වන ආකාරයෙන් මෙම ප්‍රොසෙසරය නිර්මාණය කර තිබෙයි. මේ නිසා Video සංස්කරණය වැනි කාර්යයන් සඳහා මෙම ප්‍රොසෙසරය හොඳින් සහය දක්වයි. නමුත් වර්තමානයේ භාවිත වන මව්පුවරු වලට මෙම ප්‍රොසෙසරය සවි කල නොහැකිය. එයට හේතුව වන්නේ මෙය සවි කිරීමට වෙනම සොකට් එකක් හා මව්පුවරුවේ වෙනම චිප්සෙට් එකක් තිබියයුතු වීමයි. මෙම ප්‍රොසෙසරය සවි කිරීමට DDR3 තාක්ෂනය සහිත මව්පුවරුවක් තිබියයුතුය. මෙම ප්‍රොසෙසරය සඳහා නිර්මාණය කරනලද මව්පුවරුව SATA 6G තාක්ෂණයට සහය දක්වන එකකි. එමෙන්ම USB 3.0 තාක්ෂණයට මෙම මව්පුවරුව සහය දක්වයි. මේ නිසා වැඩි වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් ඇත.
මෙවන් මව්පුවරු වල  තිබෙන වැදගත්ම ලක්ෂණය වන්නේ වැඩි කාර්යක්ෂමතවයි. Sandy Bridge ප්‍රොසෙසරය සහිත මව්පුවරුවක් තිබෙන පරිගණකය සෙසු පරිගණක වලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් එකකි. නමුත් මෙම මව්පුවරු වල මිල සෙසු මව්පුවරු සමග සසඳා බැලීමේදී සාපේක්ෂව අඩුය. අඩු විදුලි බලයක් භාවිත කරමින් හා අඩු තාපයක් ජනනය කරමින් ක්‍රියාත්මක වන ප්‍රොසෙසරයක් වන මෙය වර්තමානයේ පරිගණක ක්‍රීඩා හා Graphic නිර්මාණකරණයේ නියැලෙන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතින ප්‍රොසෙසරයක් වශයෙන් මෙම Sandy Bridge Processor ය හැඳින්වීමට හැක. මෙය අනාගතයේ පරිගණක ක්ෂේත්‍රය වෙනස්වීමට හැකි නිර්මාණයකි.

6 comments:

  1. නියමයි යාලුවා

    ReplyDelete
  2. @මෝල්ඩර් ෆයිල්ස් යාළුවා, ස්තුති කමෙන්ට් එකට.

    ReplyDelete
  3. @chamara , @chama ස්තුති යාලුවනේ කමෙන්ට් වලට.

    ReplyDelete