අන්තර්ජාලය හරහා මුදල් හුවමාරැ කිරීමට බොහෝ දෙනෙකු පෙලඹී සිටින්නේ එහි ඇති පහසුව හේතුවෙනි.එනම් මේ කාර්යය සඳහා බැංකුවට යාම වෙනුවට අනතර්ඡාලය භාවිතා කිරීම සැබවින්ම පහසුවකි.මෙම කටයුත්ත සඳහාම වෙන්වී ඇති වෙබ් අඩවි ගණනාවක්ම තිබෙන අතර Facebook වෙබ් අඩවිය එහි අලුත්ම සාමාජිකයා බවට පත්ව ඇතැයි වාර්තා වේ.
Facebook හි ඇති Buxter නමින් හඳුන්වන Application එක ඔස්සේ ඔබට මුදල් හුවමාරැ කිරීම,ගෙවීම් සිදු කිරීම ආදිය සිදු කරගත හැක.දැනට යූරෝ සහ ඇමෙරිකානු ඩොලර් යන මුදල් ඒකක වලින් පමණක් මෙම කටයුතු කළ හැකි අතර නුදුරේදීම ස්ටර්ලං පවුම් මීට එකතු වනු ඇත.එමෙන්ම වෙනත් මුදල් ඒකකයක් භාවිතා කරන අවස්ථාවක දී 5% ක මාරැකිරීමේ ගාස්තුවක් ද අය කරනු ලැබේ.
සුප්‍රකට ClickandBuy නැමැති අන්තර්ජාලය හරහා මුදල් හුවමාරැ කටයුතු වලට උපකාරී වන වෙබ් අඩවිය Facebook හි මෙම නවතම

