Pages

Wednesday, September 7, 2011

Worms කියන්නේ මොනවද?

Worms ද සුවිශේෂී වෛරස් වර්ගයක් සේ සැලකේ. නැවත ඉබේ ප්‍රතිනිර්මාණය වීමේ හැකියාව සහ මතකය තිබුනද මේවට වෙනත් Program වලට Attach වීමට නොහැකිය.මේවා නැවත ප්‍රතිනිර්මාණය වෙමින් ජාල ඔස්සේ ලිස්සා යයි . ඒ අතර යන්ත්‍ර තුලද ප්‍රතිනිර්මාණය වේ. යන්ත්‍රයේ මතකයෙන් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගනිමින් එහි වේගය අඩාල කරයි. එහෙත් Worms වලට File වර්ග වෙනස් කිරීමට හෝ මක දැමීමට නොහැකිය. නිර්මාණය පැත්තෙන් සැලකුවිට එය වෛරස් වලට බොහෝ සෙයින් සමානය. වෛරස් වල අනු කණ්ඩයක් ලෙසද සැලකේ. වෛරස් වලට වඩා වෙනස් වන එක විශේෂ කරුණක් වන්නේ පුද්ගලයෙකුගේ මැදිහත් වීමකින් තොරව පරිගණකයෙන් පරිගණකයට නිදැල්ලේ ගමන් කිරීමේ හැකියාවය. ඔබගේ පරිගණකය තුල File හෝ තොරතුරු තැනින් තැනට ගමන් කිරීමේදී උපයෝගී කරගන්නා ලක්ෂණ වල වාසිය උපයෝගී කරගන්නා
Worms කිසිවෙකුගේ ආදාරයකින් තොරව පද්ධතිය තුල නිදහසේ ගමන් කරයි. වොර්ම්ස් එකක තිබෙන බොහෝසෙයින් භයානක ලක්ෂණය වන්නේ පරිගණකය තුල එයටම ප්‍රතිනිර්මාණය වීමේ හැකියාවය. මෙනිසා පරියනකයේ සිට වෙනත් පරිගණකයකට තනි වොර්ම් එකක් වෙනුවට Worms සිය දහස් ගණනක පොකුරක් යැවීම සිදුවෙයි.මෙමගින් බොහෝසෙයින් විනාශකාරී භයානක ප්‍රතිඵල ඇතිකෙරේ. E-Mail වලින් යවනලද Worm එකක් ඔබගේ Adress Book එකෙහි තිබෙන සියලුම ලිපින වලට එහි පිටපත්ව යවයි. පිටපත ලැබෙන E-Mail හිමිකරුවන්ගේ පරිගණක තුල නැවත ප්‍රතිනිර්මාණය වෙමින් ඒවාතුල තිබෙන Adress Book වල ලිපින වලටද පිටත්ව යයි. නැවත නැවත ප්‍රතිනිර්මාණය වෙමින් ජාල ඔස්සේ නිදහසේ ගමන්කිරීමේ හැකියාව නිසා Worms වලින් ඇතිකරන ප්‍රධානම ගැටලුව වන්නේ එය විසින් පරිගණක පද්ධතියේ මතකයේ වැඩිප්‍රමාණයක් අත්පත්කරගනිමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වෙබ් සේවාදායකයන් , ජාල සේවාදායකයන් සහ කේවල පරිගණක ප්‍රතිචාර දැක්වීම නවතාලීමයි. ටික කලකට පෙර දක්නට ලැබුණු Blaster Worm නමැති Worm එක කරනලද බරපතලම විනාශයක් වන්නේ එය බාහිර පුද්ගලයන්ට පරිගණක තුලට හොරෙන් රිංගා ඒමට හැකි පරිසරයක් සකස් කර දීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බාහිර පුද්ගලයෝ දුරස්ථ ස්ථානයක සිට ඔබගේ පරිගණකය පාලනය කිරීමට පටන් ගනිති.

2 comments:

  1. Worms usually search for vulnerabilities and exploit those automatically. This may be an exploitation of instant messaging and chatting communication software which may automatically be deployed using bots.

    I wrote an article on possible attacks against Internet banking system and precautions you can take to prevent on my blog. You can apply those to any scenario. If you are interested more about these things(bcz I saw that you have witten about Trojans too)it will help to improve knowledge on security.http://compdiary.blogspot.com/

    ReplyDelete
  2. @ Nimesh Suranga , I read all posts under the topic of "Security of Internet Banking" which are in your blog. they are good posts. thanks for the comment.

    ReplyDelete