Pages

Wednesday, September 14, 2011

විදුලිය නොමිලේ ගන්න ආසද..?

අද කාලේ කස්ටිය  ජිවත් වන හැම තැනකම රුපවාහිනී යන්ත්‍රයක් තියනවනේ  . Radio යන්ත්‍රත් තියනවා .දුරකථන සන්නිවේදන කුළුණු බහුලයි. ජංගම දුරකතනත් බොහෝ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. හැම උපකරණයක්ම තම සන්නිවේදන කටයුතු කරන්නේ නොයෙක් සංඛ්‍යාත ඇති විද්‍යුත් චුම්බක තරංග උපයෝගෝ කරගෙන. එහෙම සන්නිවේදන කටයුතු කරනකොට විද්‍යුත් චුම්බක තරංග වැනසෙන්නෙත් නෑ.බලය හීන වෙන්නෙත් නෑ.ඒවා එකෙක අතට විසෙරෙමින් තියන ඒවා. හරියටම කිව්වොත් අපි ජීවත් වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග සාගරයක(හෆොයි). හැම තැනම විසිරෙන මේ විද්‍යුත් චුම්බක තරංග වලින් විදුලියනිපදවීමේ ක්‍රමයක් දැන් හොයාගෙන තියෙනවා.
                                                                              ඇමෙරිකාවේ ජොජියාටේක් ආයතනයේ විද්‍යුත් සහ පරිගණක ඉංජිනේරු පාසලේ පර්යේක්ෂකයන් පිරිසක් තමයි මේක හොයාගෙන තියෙන්නේ. ඔව්න් කියන්නේ සන්නිවේදන කටයුතු වලට බාධාවක් නොවී විද්‍යුත් චුම්බක තරංග භාවිතයට ගන්න පුළුවන් ඒගොල්ලෝ හදල තියෙනවා කියල. ඒගොල්ලෝ හදල තියෙන්නේ විශේෂ වර්ගයේ (එ කියන්නේ Ultra Wideband ) ඇන්ටනාවක්. විද්‍යුත් චුම්බක තරංග මේ ඇන්ටනාවේ ගැටුනම විදුලියක් උපදිනවා. ඒ විදුලිය DC විදුලියේ සිට AC විදුලිය බවට හරවන්නත් පුළුවන්ලු. මේක විදුලි උපකරණයකට සවි කරලා තිබ්බොත් ඒ උපකරණයට වෙනත් විදුලිධරාවක් සපයන්න ඕන වෙන්නේ නෑ ඒ ඇන්ටනාවෙන් උපදින විදුලියෙන් එක වැඩකරනවා (මාර සීන් එක තමයි). දැනටමත්  ජොජියාටේක් පර්යේෂකයෝ මෙම ඇන්ටනා යොදාගෙන ඉබේම ක්‍රියාත්මක වෙන රැහැන් රහිත සංවේදක (Wireless sensors ) හදලත් ඉවරයිලු.දැන් ඒගොල්ලෝ මේ ඇන්ටනාව තවත් දිලුණු කරමින් සිටිනවාලු(ඒ ඉතින් වෙන මොනවටවත් නෙමෙයි වැඩි විදුලියක් ලබගන්නනේ). ඒවගේම මේ ඇන්ටනාව Radio වල TV වල තියන ඇන්ටනා වගේ ලෝහ කුරක් නෙමෙයි මේක නැමෙනසුලු ප්ලාස්ටික් කඩදාසියක මුද්‍රණය කළහැකි රටාවක් වගේ එකක්.




ඔය උඩ තියෙන්නේ බලාගන්නකෝ අන්න එක තමයි ඒ ඇන්ටනාව. මෙනිසා මේ උපාංගය විදුලි උපකරණයක තිබෙන පරිපතයට උනත් සම්බන්ද කරලා තියන්නත් පුළුවන්. දැන් ඉතින් අනාගතේ එන විදුලි උපකරණ වලට මේ ඇන්ටනාව හයි කරලා එයි. එතකොට ඉතින් විදුලියට සම්බන්දකරන්න ඕනෙත් නෑ. ජංගම දුරකථන වල එහෙම  කවදාවත් Battery බහින්නේත්  නෑ මොකද එවයි ඒවෙනකොට  Battery එනෙකකුත් නෑ නේ. ඒවිතරක් නෙමෙයි සෙල්ලම්බඩු , රේඩියෝ , TV , ඔරලෝසු විතරක් නෙමෙයි පරිගණකත් මේ ඇන්ටනාව සම්බන්දකරලා එයි. එතකොට ඒවාට Battery දන්නවත් Battery Charge කරන්නවත් ඔනවෙන්නේ නෑ.එක අපිට කොච්චර පහසුවක්ද . ඒවගේම මුදලුත් ඉතිරිවෙනවා. 

11 comments:

  1. මං ඕක අහල තියෙනව කොහේ හරි.හැබැයි ඔච්චර විස්තරනම් ඒකෙ තිබ්බෙ නෑ.ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට.මම තව දෙයක් අහන්නද?මේ බ්ලොග් template එක කොහෙන්ද හොයාගත්තෙ.තියෙන තැන කියන්නකො මට.ඔන්න මම මේ කමෙන්ට් එක දාලා ඉවර වෙලා ඔයාව follow කරනව හොඳේ.

    සැමදෙයක්ම බ්ලොග් අඩවිය

    ReplyDelete
  2. @ Ranul ස්තුති Comment එකට ,මම මේ Template එක හොයාගත්තේ http://digitalnature.eu/themes/mystique/ ඔන්න ඔය site එකෙන්. මෙන්න download link එක http://digitalnature.eu/download/mystique-xhtml.zip

    ReplyDelete
  3. thanks.මම හිතන්නෙ.වර්ඩ් වෙරි‍ෆිකේෂන් අයින් කලොත් අපිට පහසුයි.ඔයා ඒක දන්නෙ නැත්නම් මට මේල් එකක් එවන්න.
    my e-mail addres-ranulhashika.g@gmail.com

    සැමදෙයක්ම බ්ලොග් අඩවිය

    ReplyDelete
  4. @Ranul උපදෙසට ස්තුතී. මම word verification අයින්කළා . හැබැයි ඉතින් word verification තියෙන්නේ site එකේ හොඳටනේ. කමක් නෑ එක අයින් කලාම බලන්න එන අයට comment දාන්න පහසුවෙනවනේ. දිගටම බ්ලොග් එක බලන්න එන්න.

    ReplyDelete
  5. ඔව් අයියෙ මම දිගටම බලන්න එන්නම්.මට තව දෙයක් දැනගන්න ඕනා.ඔයාගෙ බ්ලොග් template මමත් දාගත්තා.ඒත් ඒකෙ title එකට යටින් වැටෙන මෙනූ එක edit කරන්නෙ කොහොමද?ඔයා ගිහින් බලන්නකෝ.level 1කියල වටෙන්නෙ.

    ReplyDelete
  6. මල්ලි ඒ menu එක මම නැති කලේ template එක edit කරලා. කරන හැටි මෙහෙම කියන්න අමරුයි .ඔයා ඔය උඩ මට Email එක දීල තියනවනේ . මම template එක edit කරලා ඔයාට email කරන්නම්. ඕනනම් footer එකත් site එකට හරියන විදියට හදල එවන්නම්කො.

    ReplyDelete
  7. එහෙම කලහම පොඩි ප්‍රශ්නයක් වුනා.මගේ gadgets වලට අයියගෙ බ්ලොග් එකේ දාලා තියෙන නම් වැ‍ටුනා.අනිත් එක මම අයි කරපු පරණ gadget ආයිත් ආවා.

    ReplyDelete
  8. මල්ලි ඔයාගේ බ්ලොග් එකේ දාල තියන template එකේ copy එකක් download කරලා මට email කරන්න . මම එක edit කරලා එවන්නම්.

    ReplyDelete
  9. සිරාවටම බන් ඔය කතාව ඇත්තට? :P ඕවා එන්න කොච්චර කල් යයිද දන්නෙ නෑ. ආව ගමන් මට ඊමේල් එකක් දාපන්:P

    ReplyDelete
  10. මෙහෙම දෙඑකින් කරන්ඩ පුලුවන් දේ කියා ගන්ඩ බැරි තරම්.

    ReplyDelete
  11. වැඩකට ගියා ම හැමදාම බලශක්ති ප්‍රශ්ණෙ!
    මෙන්න මේකවත් සෙට් කරගත්තනං... නැද්ද මල්ලි?

    ReplyDelete