Pages

Thursday, September 15, 2011

ලෝක වාර්තාවක් සමග ලොව වේගවත්ම ප්‍රොසෙසරය එළිදක්වයි.

ඕගොල්ලෝ කව්රුත් දන්නවනේ AMD  Processors ගැන.ඒ Company එක පසුගිය අගෝස්තු 31වෙනිදා අලුත් ප්‍රොසෙසරයක් එළිදැක්වූවා ඒ ලෝක වාර්තාවකුත් සමග. ඒ කියන්නේ ඒ ප්‍රොසෙසර් එක තමයි දැනට ලෝකේ හදල තියෙන වේගවත්ම ප්‍රොසෙසරය. මේ ප්‍රොසෙසරයේ
වේගය සටහන්වෙලා තියෙන්නේ 8.429 GHz ලෙසට.
                ඔය පහල පින්තුරේ තියෙන්නේ බලන්නකෝ 
[ඔය පින්තුරේ වේගය තියෙන්නේ MHz වලින්. කව්රුත් දන්නවනේ 8429.2 MHz , ගිගා හර්ට්ස් වලට පරිවතනයකරාම එන්නේ 8.429 GHz කියල.(1000 MHz = 1GHz නිසා 8429.2 MHz , ගිගා හර්ට්ස් කරගන්න 1000 න් බෙදන්නනේ තියෙන්නේ).]
මේ ප්‍රොසෙසර් එකට කියන්නේ AMD FX Prosessor කියලා. මීට කලින් තිබුන වේගවත්ම ප්‍රොසෙසරයේ වේගය වාර්තා උනේ 8.309 GHz ලෙසට. මේ AMD FX අලුත් ප්‍රොසෙසරය සාමාන්‍ය Cooling Fans ඇති සිසිලන පද්ධතියක  හෝ ජලය යොදාගන්නා සාමාන්‍ය සිසිලන පද්ධතියක ක්‍රියා කරවීමෙන් 5GHz  අගයට වඩා වැඩි අගයක් ලබාගත හැකිවෙලා තියනවා(ඊට වැඩිය වේගයක් ඕනනම් ඔය පහල තියන video එකේ වගේ හොඳ Cooling System එකක් තියෙන්න ඕන). මේ ප්‍රොසෙසරය cores 8 ක් සහිත ප්‍රොසෙසරයක්. AMD සමාගම මේ ප්‍රොසෙසරයේ 8.429 GHz වගේ වේගයක් ලබාගැනීමේදී සිසිලන ක්‍රියාවලිය සඳහා යොදාගෙන තියෙන්නේ ද්‍රව හීලියම් සහ නයිට්‍රජන්. ද්‍රව නයිට්‍රජන් වලට මේ ප්‍රොසෙසරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 180 ක් දක්වා පල දැමීමට හැකිවෙනවා. හැබැයි මෙහෙම උනාම ඇතිවෙන අනිත් ප්‍රශ්නේ තමයි "cold bug". ඒකියන්නේ ප්‍රොසෙසරය ක්‍රියාත්මක වෙන්න ඕන වෙන නියම උෂ්ණත්වයත් නොලැබෙන එක. හැබැයි මේ  AMD FX ප්‍රොසෙසරයට නම් එක බලපාල නෑ. ඒඅතින් බලනකොට මේ AMD FX  ප්‍රොසෙසරය සාර්ථක නිර්මාණයක් වෙලා තියනවා. 
AMD සමාගම කියන අනිත් දේ තමයි මෙලෙස සිසිලන පද්ධති වලට  ද්‍රව හීලියම් සහ නයිට්‍රජන් වැනි දේ යොදාගනිමින් ප්‍රොසෙසර් වල වේගය වැඩි කිරීමෙන් Hardware warranties අවලංගු වීමට සහ පරිගණකයට හානි වෙන්න පුළුවන් කියලා. එත් ඉතින් ඒගොල්ලෝ කොහොමහරි World record එක තිබ්බනේ. තව විස්තර හම්බුනොත් කියන්නම්.එහෙනම් ඔන්න මම ගියා.

11 comments:

  1. ඔය වීඩියෝ එකේ හැටියට ඔය කම්පියුටර් එකේ වැඩ කරන්න අඩුතරමේ 5-6 දෙනෙක්වත් ඉන්න ඕනා. අයි ඉතින් ඕක කුල් කරන්නම කී දෙනෙක් කියල ඕනද. ඔය වගේ දේවල් හොඳ ඉතින් වාර්තාවලට විතරයි. ප්‍රායෝගිකව කිසිම ප්‍රයෝජනයක් නෑ

    ReplyDelete
  2. @Anonymous එක අතකින් බලනකොට ඒකත් ඇත්ත තමයි. ස්තුතී comment එකට.

    ReplyDelete
  3. අපි UCSC කරපු IFO++ Exhibition එකේ අපේ යාලුවෙකුත් ෆ්‍රිජ් එකක කූලින්ග් සිස්ටම් එකක් පාවිච්චි කරල 1.2 විතර ප්‍රොසෙසරයක් 3.0 විතර වෙන්න Over Clock කරල වේගය වැඩි කරල තිබන. වේගය ඇති කරනවා වගේම ඒක ප්‍රමාණයෙන් කුඩා වෙන්න ඕනි නැත්නම් ප්‍රායෝගිකව ඇප්ලිකබල් නෑ.....

    ReplyDelete
  4. @Nimesh Suranga AMD ලා ඔය ප්‍රොසෙසර් එක අරවගේ වැඩි speed එකකට over clock කරා වගේම cooling system එකටත් මොකක්හරි විසඳුමක් දෙයිද බලමු. comment එකට ස්තුතියි.

    ReplyDelete
  5. ඔය තරම් පවර් ෆුල් ප්‍රොසෙසර් එකක් ලංකාවට වැඩක් වෙන දවසක් එයිද ......

    ReplyDelete
  6. @පන්සල් හංදිය කොහොමහරි අලුත් පරම්පරාව ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු කරලා ලංකාව ඉදිරියට ගෙන්න ඕන. එදාට මේවගේ ප්‍රොසෙසර් වැඩකවෙනවා විතරක් නෙමෙයි මේවගේ ප්‍රොසෙසර් අපිට උනත් හදන්න පුළුවන්. Thanks කමෙන්ට් එකට.

    ReplyDelete
  7. [ඔය පින්තුරේ වේගය තියෙන්නේ MHz වලින්. කව්රුත් දන්නවනේ 8429.2 MHz , ගිගා හර්ට්ස් වලට පරිවතනයකරාම එන්නේ 8.429 GHz කියල.(1000 MHz = 1GHz නිසා 8429.2 MHz , ගිගා හර්ට්ස් කරගන්න 1000 න් බෙදන්නනේ තියෙන්නේ).]
    මේක පොඩ්ඩක් වැරදියි නේද..?? පරිගණක තාක්ෂණයේ අපට හමු වන සියලු ම දත්ත 2 ගුණාකාර විදිහටයි ලැබෙන්නෙ. ඒ අනුව මෙගා 1024 MHz = 1GHz විය යුතුයි..ඒ අනුව මේ ප්‍රොසේසරයේ සත්‍ය වේගය වන්නේ 8.23145GHz නේද..??

    ReplyDelete
  8. @ Indranatha Thenuwara හුඟක් ය හිතන් ඉන්නේ 1024 MHz = 1 GHz කියල තමයි. එත් ඒ හිතන් ඉන්න විදිය වැරදි. Hz වලදී මනින්නේ 10 යේ ගුණාකාර වලින්. මම එක ගැන ඉස්සරහට තව ලිපියකින් පැහැදිලි කිරීමක් කරන්නම්. කමෙන්ට් එකට ස්තුති.

    ReplyDelete
  9. පට්ට ඈ...මම AMD Web එකට ගිහින් බැලුව...ඒත් ඕක එතන නෑනෙ..මේකෙ Full tech specs තියෙන තැනක ලින්ක් එකක් පුලුවන්න හොයල ඩීපං මචං..මේ වගේ අලුත් දේවල් ගැන අපට කියල දෙනවට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  10. මෙක්නම් හොද article එකක් but YouTube video එක width and height එක ලොකු කරල දාන්න තිබ.

    ReplyDelete
  11. ප්‍රොසෙසරෙත් එක්ක නොමිලේ කූලිං වැඩ කරන කට්ටියකුයි, ද්‍රව නයිට්‍රජන්නුයි දෙන්න වෙයි වගේ!
    අරාබියට මේක විකුණනවානම්... දෙපාරක් හිතන්න වෙයි නෙ!?

    ReplyDelete