Pages

Monday, June 6, 2011

Windows 07 වලින් පසුව Midori කරලියට එයි


මෙතෙක් කලක් ඉදිරිපත් කළ Windows පරම්පරාවේ මෙහෙයුම් පද්ධති වලට සමුදෙමින් නව ලොවට ගැලපෙන අලුත්ම මාලදියේ මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කිරීමට Microsoft සමාගම මේවනවිට සූදානම්ව සිටියි.එම සමාගමේ තාක්ෂණික උප සභාපති වන එරික් රයිඩර් යටතේ මේ සම්බන්ධයෙන් වූ සියලුම තාක්ෂණික වැඩි දියුණු කිරිම් සිදුවී ඇත.මෙම නව මෙහෙයුම් පද්ධතය Windows Midori ය.
මේ දක්වා Microsoft සමාගම විසින් වින්ඩොස් මාදිලියේ මෙහෙයුම්
පද්ධති 7 ක් සැලසුම්කර තිබේ.Windows Vista යනු මෙම වින්ඩොස් මෙහෙයුම් පද්ධති පෙලෙහි 6 වන්න වූ අතර Windows 07 එහි අලුත්ම මෙහෙයුම් පද්ධතිය වේ.කෙසේ වුවද මෙම සමාගම මෙවර හඳුන්වාදීමට සැලසුම් කර ඇත්තේ අලුත්ම මාදිලියේ මෙහෙයුම් පද්ධතියකි.එනම් Microsoft midori හි විනඩොස් වර්ගයේ කර්නලයක් හෙවත් ප්‍රධාන කෙත සටහනක් නොමැත.

2003 වසරේදී Microsoft Research ආයතනය Singularity Project නම් ව්‍යාපෘතිය දියත් කරමින් නවතම ආකාරයේ මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීමේ මුල් පියවර තබන ලදී.මේ යටතේ ඕනෑම පර්යෙෂකයෙකුට වාණිජමය වාසි ලබා නොගැනීමේ කෙන්දේසිය මත Singularity 1.0 නම් මෙහෙයුම් පද්ධති කර්නලය 2007 වසරේදී වසරේදී වැඩිදුර විමසා බැලීමේ කටයුතු සඳහා Microsoft සමාගම නිකත් කළේය.ඔවුන් එසේ ක්‍රියා කරනලද්දේ එමගින් ලබාගත් දැනුම උකහා ගනිමින් මෙය තව දුරටත් දියුණු කිරීමට හැකි බැවිනි.මේ හේතුවෙන් දැන් ඔවුන් හට Microsoft Midori වණිජ වශයෙන් වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකිය.තම හඳුන්වා දීම පිළිඹඳ අදහස් දක්වන Microsoft සමාගම පවසන්නේ අන්තර්ජාලය මත පදනම් වු අනාගත මෙහෙයුම් පද්ධති වල මූලාරම්භකයා Microsoft Midori වනු ඇති බවය෴

2 comments:

  1. වින්ඩෝස් 8 එනවා කියන්නෙ බොරුවක්ද ......

    ReplyDelete
  2. වින්ඩෝස් 8 වලට තමයි Windows Midori කියල කියන්නෙ

    ReplyDelete