
ඔබත් නිතර අන්තර්ජාලෙ සැරිසරන කෙනෙක් නම් කුකීස් (cookies) ගැන අහල නැති වෙන්න බෑ. එක එක සයිට් වලට යනකොට ඒවා අපේ කම්පියුටර්වල කුකීස් හදනව. ගොඩක් වෙලාවට මේව හදන්නෙ ඒ සයිට් එකට අපේ user preferences මතක තියාගන්න.මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි බ්‍රව්සර් එකේ වෙබ් ලිපිනයක් ගැහුවම ඒ වෙබ් පිටුව තියෙන වෙබ් සර්වර් එකට සම්බන්ධ වෙනවා. එතකොට සර්වර් එක බලනවා අපේ මැෂින් එකේ එයා කලින් හදපු කුකීස් තියෙනවද කියලා. තියෙනව නම් ඒව කියවල අපි ගැන ඒකෙ ලියවිල තියෙන දේ හොයාගන්නව. එතකොට සර්වර් එකට
පුළුවන් අපේ preferences අනුව සයිට් එක ලෝඩ් කරන්න. කලින් හදපු කුකීස් නැත්නම් අළුතෙන් කුකී එකක් අපේ හාඩ් ඩිස්ක් එකේ හදල ඒකට අළුත් දත්ත දානවා. මේ විදියට අළුතෙන් කුකීස් හදන්න සර්වර් එකට අපේ අවසරය ඉල්ලන්න ඕන නැහැ. මේක අපි නොදැනුවත්වම සිදුවෙනවා.ඉතින් අපේ හාඩ් එකේ දැනට අපට හොරා හැදිල තියෙන කුකීස් බලා ගන්නෙ කොහොමද? ගූගල් ක්‍රෝම් පාවිච්චි කරනව නම් මේකට කරන්න තියෙන්නෙ Google Chrome Options වල Under the Hood ටැබ් එකේ
තියෙනShow cookies ක්ලික් කරන එක.Firefox වලදි නම් Options වල Privacy ටැබ් එකේ තමයි මේක තියෙන්නෙ.පුළුවන් අපේ preferences අනුව සයිට් එක ලෝඩ් කරන්න. කලින් හදපු කුකීස් නැත්නම් අළුතෙන් කුකී එකක් අපේ හාඩ් ඩිස්ක් එකේ හදල ඒකට අළුත් දත්ත දානවා. මේ විදියට අළුතෙන් කුකීස් හදන්න සර්වර් එකට අපේ අවසරය ඉල්ලන්න ඕන නැහැ. මේක අපි නොදැනුවත්වම සිදුවෙනවා.ඉතින් අපේ හාඩ් එකේ දැනට අපට හොරා හැදිල තියෙන කුකීස් බලා ගන්නෙ කොහොමද? ගූගල් ක්‍රෝම් පාවිච්චි කරනව නම් මේකට කරන්න තියෙන්නෙ Google Chrome Options වල Under the Hood ටැබ් එකේ
සමහර අයගෙ අදහසක් තියෙනවනෙ කුකී එක්ක වයිරස් එනව කියල. ඒක වැරදි මතයක්.හැබැයි කුකීස් ගැන මේ බයට හේතුවක් තියෙනවා. අපි ගැන, අපි කියන කරන දේ ගැන කුකීස් වල ලියැවෙනවා. ඒක වෙබ් සර්වර් එක දැනගන්නවා. ඒ තොරතුරු ඒ සර්වර් එක වෙන අයට ලබා දුන්නොත්? වෙළෙඳ දැන්වීම් ආයතන වලට මේ තොරතුරු ගොඩක් වැදගත්. මේක පෞද්ගලිකත්වයට හානියක්.කුකීස්වල තව ප්‍රයෝජනයක් තමයි සයිට්වලට visitors ල ගාණ බලාගන්න පුළුවන් වෙන එක. අළුත් කුකී එකක් හදන්න වෙනව කියන්නෙ එයා අළුත් user කෙනෙක් කියන එක.
වැදගත් ලිපියක් .......
ReplyDeleteබොහොම ස්තුතියි ....
ස්තුතියි
ReplyDeleteස්තුතී comment වලට
ReplyDelete