Pages

Wednesday, June 15, 2011

සුපිරි පරිගණක

සුපිරි පරිගණකයක් යනු පරිගණක අතර සුවිශේෂ පරිගණකයන්ය. මෙම සුපිරි පරිගණක  ඉතා වේගවත්ය. සාමාන්‍යයෙන් සුපිරි පරිගණකයක් තත්පරයකදී සිදුකරන ගණනය කිරීම්  ප්‍රමාණය කිරීමට ගණක යන්ත්‍රයක් භාවිතයෙන් වුව ද අඩුම තරමින් දින දහයක් වත් ගත  වේ. එමෙන්ම මෙම සුපිරි පරිගණක ස්ථාපනය කිරීමට ද සාපේක්ෂව වැඩි ඉඩක් අවශ්‍ය  වේ.
පරිගණක තාක්ෂණයේ වර්තමාන සහ අනාගත දියුණුවත් සමඟින් මෙම විශාල සුපිරි  පරිගණක ගිනිපෙට්ටියක් තරම් කුඩා සහ අත්ල මතට ගතහැකි ලෙස සකස් කරන්නට
 විවිධ පර්යේෂණ සිදුකරයි.මේ සඳහා Edinburgh සරසවියේ පරීක්ෂකයෝ අපූරු  ක්‍රමයක් යෝජනා කර තිබේ. ඒ සඳහා ඔවුන් අපගේ හිසෙහි ඇති කෙස් ගසකින් දහසකින්  පංගුවක් තරම් කුඩා විදුලි රැහැන් යොදා ගැනීමට අපේක්ෂා කරයි. වරක මෙය අදහා ගත නොහැක්කක් වුව ද එය කළ හැක්කක් බව පෙන්නුම් කරන පර්යේෂණ වාර්ථාවක් “Science” සඟරාව
වෙත ඉදිරිපත් කර තිබුණි. මෙම කුඩා සුපිරි පරිගණක තැනීමට අවශ්‍ය වන Processor හා වෙනත් පරිගණක උපාංග ද රැහැන් තරමටම සහ ඊට ගැළපෙන අයුරින් කුඩාවට නිපදවීම සඳහා ක්‍රමවේදයක් Edinburgh සරසවි පර්යේෂකයෝ දැනටමත් විස්තර කර ඇත. මේ සඳහා ජර්මනියේ කාල්ෂූ තාක්ෂණික ආයතනයේ මෙන්ම ඉතාලියේ රෝම විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ ද සිය දායකත්වය ලබා දෙති. 
මෙවැනි නැනෝ මට්ටමේ කාර්යයකට ඒවාටම සුවිශේෂ වූ පරිගණක උපාංග මෙන්ම පරිගණක වැඩසටහන් ද අවශ්‍ය වෙයි. මෙහි ප්‍රථම පියවර ලෙස කුඩා ප්‍රමාණයේ පරිගණක සහ පරිගණක තාක්ෂණය යොදා ගන්නා උපකරණ තැනීමට පර්යේෂකයන් යොමු වී තිබේ. ඒ අනුව ඔවුන්ගේ සැලසුම් වලට අදාලව ප්‍රථමයෙන්ම නිපදවීමට සැලසුම් කර ඇත්තේ Laptop පරිගණකයක් තරම් බලසම්පන්න වූ ජංගම දුරකථනයකි. සුපිරි පරිගණක යෝධයන් අඟුටු මිට්ටන් බවට පත් කිරීමේ මෙම පර්යේෂණ ව්‍යාපෘතිවල මහ මොළ කාරයා වන්නේ Edinburgh සරසවියේ ආචාර්ය මයිකල් සයිසර් ය.

2 comments: