Pages

Thursday, June 23, 2011

රැහැන් අවශ්‍ය නොවන ප්‍රථම USB උපකරණය

පරිගණකයට සෘජුව සම්බන්ධ කිරීමෙන් තොරව භාවිතා කළහැකි USB උපකරණයක් එක්සත් ජනපද සමාගමක් විසින් නිපදවා ඇත.මෙය Belkin Cable – Free USB ලෙසින් හැඳින්වෙන අතර ඇමෙරිකානු ඩොලර් 200 ක පමණ මිලක් මේ සඳහා වෙළඳපොළේ නියම වී ඇත.මෙය පරිගණකයට සම්බන්ධ කිරීම සඳහා රැහැනක් අවශ්‍ය නොවන ප්‍රථම USB උපකරණයයි.
මේ සදඳහා Ultra Wideband Technology හෙවත් UWB
තාක්ෂණය භාවිතා කරයි.මෙම උපකරණය භාවිතා කරන්නන්ට එය දිගු රැහැන් මගින් තම පෞද්ගලික පරිගණකයට සම්බන්ධ කිරීමකින් තොරව තම කාමරයේ ඕනෑම ස්ථානයක රඳවා තිබීමට අවස්ථාව ඇත.එසේම ලැප්ටොප් පරිගණකයක් සහිත අයෙකුටද තම පරිගණකය කාමරය තුල ඕනෑම ස්ථානයකට රැගෙන යමින් USB උපකරණය නිදහසේ රඳවා තබාගෙන භාවිතා කළ හැකිය.
මේ අනුව මුද්‍රණ පිටපත් ගැනීම,සංගීත වාදනය,ස්කෑන් කිරීම,ඡායාරෑප ගත කිරීම වැනි දේ කාමරයේ ඒනෑම ස්ථානයක සිට සිදු කිරීමේ හැකියාව සැලසෙයි.මේවා අඩි 30 ක් වූ ප්‍රෙද්ශයක රැහැන් වලින් තොරව භාවිතා කළ හැකිය.

4 comments:

  1. මිළ ඉහල නිසා වැඩිය ජනප්‍රිය වෙයිද කියල හිතන්න අමාරුයි

    ReplyDelete
  2. මේකෙයි අනික් වයර්ලස් නෙට්වර්කිං වලයි වෙනස ‍මොකක්ද

    ReplyDelete
  3. @ Chama , Ultra Wideband Technology කියන්නේ Wireless Protocols යටතේ තියන Technology එකක්. Wireless Protocols යටතේ තියන Technologies වලින් දත්ත හුවමාරු කිරීමේ වේගය වැඩිම Technology එක තමයි Ultra Wideband Technology කියන්නේ,Comment එකට ස්තුතී.

    ReplyDelete